දින 14 අර්ධසුඛෝපබෝගී චාරිකාව

වන්දනා කරන හා නරඹන ස්ථානයන්


 බරණැස ( දාන පූජා ආදියද සිදු කෙරේ. )

අප තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත්වීමෙන් පසු තමන් වහන්සේ අවබෝධ කරගත් ශ‍්‍රී සද්ධර්මය ප‍්‍රථමයෙන් ලොවට දේසනා කල උතුම් පුණ්‍යභූමිය වන මෙය අදද මුවන් ගැවසෙන මහා පින් බිමකි.මහා පරිනිබ්බාන සූත‍්‍රයේ සම්බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට ශ‍්‍රද්ධාවන්ත කුලපුත‍්‍රයෙකු විසින් සම්බුදු පරිනිර්වාණයෙන් පසුව දැක පහන් සංවේගයට පත්විය යුතු ස්ථාන හතර අතරින් මෙයද එක් ස්ථානයකි. බරණැස හෙවත් වර්ථමානයේ වරාණසි යනුවෙන් හදුන්වන මෙම පින්බිම වන්දනා කිරීමට පැමිනෙණ පින්වතුන්ට දැක බලා වන්දනා කර ගත හැකි ස්ථාන රාශියකි.





රජගහනුවර

බිම්බිසාර මහ රජුට වූ පොරොන්දුව ඉටු කිරීම සදහා බුද්ධත්වයෙන් පසු මුලින්ම වැඩම කල නගරය වූයේ රජගනුවරයි. පස් වසක් මුලුල්ලේ විවිධ වස් කාලවල මෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි බව සදහන් වේ.


බුද්ධගයාව


මේ මහා භද‍්‍රකල්පයෙහි මෙලොව පහල වූ කකුසද කෝණාගම කාශ්‍යපයන බුදුවරුන් වහන්සේලා මෙන්ම අප ත්‍රෛයිලෝකනාත සම්මා සම්බුදුපියාණන් වහන්සේ සමතිස් පාරමී දම් පුරා උතුම් බුද්ධත්වය පූර්ණකරන ලද යම් ස්ථානයක් වේද ඒ මෙම බුද්ධගයා පින්බිමයි

යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන
ජෙත්වාස්වාසන කිලෙස බලං මුනින්දෝ
සම්බෝධි ඤාණ මවගම්ම විහාසිසම්මා
තං බෝධි චේතිය මහං සිරසා නමාමි

අප මහා මුණින්ද‍්‍රයන් වහන්සේ වජ‍්‍රාසන ඉරියව්වෙන් වැඩහිද කෙලෙසුන් නසා උතුම් සම්බෝධි ඥානය ලබමින් වැඩහිදි ඒ සිරිමා බෝ රදුන් දද ශීර්ෂ ප‍්‍රණාමයෙන් නමස්කාර කරමි *
මෙම බිමට පිවිසෙන ඔබට දුරදීම දක්නට ලැබෙන්නේ ඉතා රමණිය කැටයමින් පිරුනූ විහාර මන්දීරයකි එතුල ඝණ රනින් සුසැදි භූමි ස්පර්ශ මුද‍්‍රවෙන් වැඩහිටින බුදු පිළිමවහන්සේ නමකි




කුසිනාරාව


ගම් දනවු සිසාරා පන්සාලිස් වසක් පුරා ලෝක සත්ත්වයා දුකින් මුදවන්නට සැරි සැරූ අප තිලෝතුරු බුදු සමිදුන් වෛශාලියෙන් නික්ම ටික දුරක් වැඩම කොට නැවත හැරී ඒ දෙස බලා අවසන් ගමන යන්නට යෙදුනේ කුසිනාරාවටය.






කපිල වස්තු නුවර



සංකස්ස පුරය


වස් තුන් මසක් පුරා දෙව්ලොව වැඩසිටි බුදුන් වහන්සේ යලිත් දැක ගන්නට ලැබුනේ සංකස්ස පුරවරයේදීය තුන් මසක් පුරා නොදුටු බුදු සිරි දැකගන්නට ලැබීම අප‍්‍රමාණ අසිරිමත් සිදුවීමක් ලෙස සදහන්වෙ මේ අවස්ථාවේදී මිනිසුන්ට දෙවියන් හා දෙවියන්ට මිනිසුන් දැකගත හැකි පරිදි ලෝක විවර්ණයක් ඇති කල බවත් ඒ අසිරිය පා දෙසූ දහම් අසා සැරියුත් හිමියන්ගේ ගෝල භික්ෂුන් 500 රහත් වූ බවත් දැක්වේ
මෙහිදී බෝහෝ දෙනෙක් බුදුබව ප‍්‍රර්ථනා කල අතර මතු බුදුවන මෛත‍්‍රී බෝසතුුන්ද අවසන් වරට මනුලොව ඉපිද පැවිදිව නියත විවරණ ලබා ගත්තේ මෙහිදීය සංකස්සය සියළු බුදුවරුන් වහන්සේලා පා නගන අවිජහිත පිං බිමකි
මෙහි අශෝක රජු ඉදිකල ඇත් කුළුණක් සහිත ස්ථම්භයක් දැකිය හැකිය
සබ්බඤ්ඤු නාථ පවරෝ වර දේවලෝකා
සංකස්ස නාම නගරං අවරෝහයිත්වා
දේසේසි ධම්ම මතදායි මිදං පණිතං
තං බුද්ධ චේතිය මහං සිරසා නමාමි

 ( අප සර්වඥ්යන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස නම් පුජනීය නුවරට බැස අමරණිය වූ ප‍්‍රණිත වූ ශ‍්‍රී සද්ධර්මය දේශනා කල සේක එතැන වු බුද්ධ චෛත්‍යයට මම සිරස නමා වදිමි )






අග්‍රා නුවර


 රතු බලකොටුව ලෙස හැදිනවෙන විශාල බලකොටුව අපට මෙහිදී දැක ගත හැකිය.





ටජ් මහල්


මෝගල් රජකෙනෙකු වු ෂාජහන් තම දේවිය සිහිවීම පිනිස ඉදිකල ස්මාරකය ටජ් මහල් වේ මෙය ලෝක පුදුම හතෙන් එකක් ලෙස පිලිගත් නිර්මානයකි



ලුම්බිණිය ( නේපාලය )


සිදුහත් බෝසතාණන් වහන්සේ මෙලොව එලිය දුටු උතුම් පින්බිම ලුම්බිනියයි අද වනවිට නේපාල රජයට අයත් මෙම ප‍්‍රදේශය මනරම් භූමිභාගයකි එම ස්ථානයේ දක්නට ඇති බෝසතාණන් වහන්සේගේ ශ‍්‍රී පතුලත් අශෝක රජු ඉදි කල අශෝක කුළුණත් දැක වන්දනා කර ගත හැකි අතර කුමරු උපදින්නට පෙර මහා මායා දේවිය ස්නානය කල පොකුණද දැකිය හැක

මායා සුතෝ සුගත සාකිය සීහනාථෝ
ජාතක්ඛණේ සපදසා මභිචංකමිත්වා
යස්මිං උදීරයි ගිරංවර ලුම්බිනිම්හි
තංජාත චේතිය මහං සිරසා නමාමි

 (ලුම්බිනි සල් උයනේදී මහමායා කුසින් බිහිවූ බෝසතාණෝ සත් පියුමන් පිට වැඩ හිද අග්ගෝහමස්මිං ආදී වශයෙන් සිහනද පැතිරූ තැන ලුම්බිනි වෙහෙර වදිමි මම්)






ජේතවනාරාමය ( දාන බෝධි පූජා )


 පුරා 19 වසක් වැඩසිටි ජේතවනාරාමය අක්කර 50 පමණ භූමිභාගයක විහිදී ඇත. මෙය අනේපිඩුසිටුතුමා සාසනයට පූජා කල ආරාමයකි. මෙහිදී බුදුන් වහන්සේ වැඩ සිටි ගදකිලිය අදද ශ‍්‍රද්ධාවෙන් වන්දනා කල හැකිය.






දිල්ලි නගරයේ ප්‍රධාන ස්ථාන



දිල්ලි සාප්පු සවාරි